දුරුතු පුර පසලොස්වක පොහොය අදට (ජන. 12) යෙදී තිබෙනවා. ව්යාවහාර වසරකදී එලැබෙන පළමු පොහොය දිනය ද මෙයයි.
බෞද්ධ ඉතිහාසයේ සදහන් වන පරිදී බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය දුරුතු පුර පසලොස්වක පොහොය දිනකදී සිදුව තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මෙම ලංකාගමන සිදුවූයේ මහියංගනයටයි. ඇතිවීමට ගිය යුද්ධයක් වළක්වා යක්ෂ ගෝත්රිකයන් දමනය කිරීම මෙහිදී සිදුවුණා. බුද්ධ දේශනය අසා සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත්වීම ද බුදුරජාණන් වහන්සේගේ මෙම ලංකාගමනයේ දී සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ වැඩිදුරටත් සදහන් වන්නේ.