තෙලවල, සිරිනිකේතාරාමස්ථ ශ්‍රී රාහුල දහම් පාසලේ 2017 පළමු අධ්‍යන වාරය ඊයේ (08) ආරම්භ කෙරුණා. දරු දැරියන් බොහෝ දෙනෙකු පැමිණ සිටියේ බුලත් හුරුල්ලක් ද රැගෙනයි. ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පළපොත සුමනානන්ද හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දරු දැරියන් පිළිගැණුනේ දැඩි සෙනෙහසකින්.
උදෑසන බුද්ධ වන්දනාවෙන් පසු වසරේ පළමු ගුරු රැස්වීම පැවැත්වුණා. 2016 අවසන් වාර විභාගයේ ප්‍රතිපල සිසුන් වෙත ලබාදීමත් එම ප්‍රතිපල අනුව ඔවුන් ඉහළ ශ්‍රේණිවලට උසස් කිරීමත් සිදුකෙරුණේ ඉන් අනතුරුවයි.
2016 - 2017 ශිෂ්‍ය නායක, නායිකා මණ්ඩලය තෝරාගැනීමේ අවසන් සම්මුඛ පරීක්ෂණ ද ඊයේ පැවැත්වුණා.