පොහොය වරුණ

දුරුතු පුර පසලොස්වක පොහොය

සිංහල මාස ක්‍රමයට අනුව දුරුතු මාසය ලෙස හැදින්වෙන්නේ "ජනවාරි" මාසයයිබෞද්ධ ඉතිහාසයේ සදහන් වන පරිදී බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය දුරුතු පුර පසලොස්වක පොහොය දිනකදී සිදුව තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ මෙම ලංකාගමන සිදුවූයේ මහියංගනයටයි. ඇතිවීමට ගිය යුද්ධයක් වළක්වා යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම මෙහිදී සිදුවුණා. බුද්ධ දේශනය අසා සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත්වීම ද බුදුරජාණන් වහන්සේගේ මෙම ලංකාගමනයේ දී සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ සදහන් වන්නේ.


සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දෙවියන් වැදුම් පිදුම් කිරීම සදහා බුදුරජාණන් වන්සේගෙන් පූජනීය යමක් ඉල්ලා තිබෙනවා. එ් අනුව බුදුරජාණන් වහන්සේ කේශ ධාතූන් මිටක් සුමන සමන් දෙවියන්ට ලබා දුන් බවද එම කේශ ධාතූන් මිට නිදන් කර බුදුරජාණන් වහන්සේ වැඩසිටි ස්ථානයේ මහියංගන චෛත්‍ය ඉදිකෙරුණ් බව ද සදහන්. පසුකාලයේදී බුදුරජාණන් වහන්සේගේ ග්‍රිවා ධාතූන් වහන්සේ ද මෙහිම තැන්පත් කර තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ සදහන් වන පරිදී නදී කාශ්‍යප, ගයා කාශ්‍යප සහ උරුවේල කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන ජටිලයන් 1000 ක් දෙනා බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා මාර්ග ඵලයන්ට පැමිණියේ ද දුරුතු පුර පසලොස්වක පොහොය දිනයකදීය.

කැළණි පෙරහැරද දුරුතු පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් සංවිධාන කෙරනවා.


වෙසක් පුර පසලොස්වක පොහොය

සිංහල මාස ක්‍රමයට අනුව වෙසක් මාසය ලෙස හැදින්වෙන්නේ "මැයි" මාසයයි. සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ ඉපදීම, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය වෙසෙක් පුරපසලොස්වක පොහෝ දිනයක සිදුවූ බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ.

තුසිත දෙව්ලොවින් නික්මී සුද්ධෝදන රජුට දාව මහමායා දේවියගේ කුසෙහි පිළිසිදගත් බෝසතාණන් වහන්සේ උපත ලබන්නේ ශාක්‍ය ජනපදයෙහි ලූම්බිණි සල් උයනේදීයි. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම ගයාවේ ඇසතු බෝ රුක මුලදී සිදුවුණා.  වසර 45ක් පුරා සකල ලෝකවාසීන්ගේ හිතසුව පිණිස සිය ජීවිතය ගතකළ බුදුරජාණන් වහන්සේ පිරිනිර්වාණයට පත්වූයේ 80 වන වියේදීයි. කුසිනාරානුවර මල්ල රජ දරුවන්ගේ උපවත්වන සල් උයනේදී මෙම සම්බුද්ධ පරිණිර්වාණය සිදුවූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. 

බුදුපියාණන් වහන්සේගේ තෙවන ලංකා ගමන සිදුවූයේද අදවන් වෙසක් පුරපසලොස්වක පොහෝ දිනකයි. විජය කුමරුගේ ලංකා ගමනද අදවන් දිනක සිදුවු බවයි වංශ කතාවල දැක්වෙන්නේ. දේවානම් පියතිස්ස රජු දෙවන රාජාභිශේකය සිදුකළේද, දුටුගැමුණු මහරජතුමා රුවන් වැලිසෑයේ ඉදිරිකිරීම් ආරම්භ කළේද වෙසක්  පුරපසලොස්වක පොහෝ දිනයන්හි බව ද වංශ කථාවල දැක්වෙනවා.

සිද්ධාර්ථ බෝසතානන් වහන්සේගේ ඉපදීම


සිද්ධාර්ථ බෝසතානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීම 


සම්බුද්ධ පරිනිර්වාණය 


------------------------------------

මැදින් පුර පසලොස්වක පොහොය

සිංහල මාස ක්‍රමයට අනුව මැදින් මාසය ලෙස හැදින්වෙන්නේ "මාර්තු මාසය"යි. සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමු වරට තමන් වහන්ස්ගේ උපන් බිම වූ කිඹුල්වත් පුරයට වැඩම කරවීම මැදින් මස පුරපසලොස්වක පොහොය දිනයේදී සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සදහන් වනවා. එහිදී සිදුවූ තවත් වැදගත් සිද්ධීන් කිහිපයක් මෙසේයි.
  • ශාක්‍යයන්ගේ මනාය දුරුකිරීම සදහා බුදුරජාණන් වහන්සේ යමහා මහා පෙළහර පෑහ.
  • බුදුරජාණන් වහන්සේ, තමන් වහන්සේගේ පියාණන් වූ සුද්ධෝදන රජතුමට සහ ගිහි කළ භාර්‍යයාව වූ යශෝධරා දේවියට ධර්මය දේශනා කළේ කිඹුල්වත් පුර ගමනේදේයි. යශෝධරාවට ධර්මය දේශනා කිරීම සදහා චන්න කින්නරී ජාතකය (සඳ කිඳුරු ජාතකය) පාදක කර ගැණුනා. ධර්මය ඇසීමෙන් සුද්ධෝදන රජතුම සහ යශෝධරා දේවිය මාර්ග ඵල අවබෝධ කළ බවද බෞද්ධ ඉතිහාසයේ සදහන්.
  • නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කරවීම ද බුදුරජාණන් වහන්සේගේ කිඹූල්වත් පුර ගමනේදී සිදු වුණා.


------------------------------------

බිනර පුර පසලොස්වක පොහොය

බිනර මාසය ලෙස හැදින්වෙන්නේ සම්මත මාස ක්‍රමයේ සැප්තැම්බර් මාසයයි. බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ වස් සමයට අයත් මෙම මාසය පුරා සෑම විහාරස්ථානයකම පාහේ විවිධ පිංකම් සිදුකෙරනෙවා. සිදුහත් කුමරුන්ගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමියගේ පැවිදි උපසම්පදාවෙන් භික්ෂුනී ශාසනය ආරම්භ වූයේ බිනර මස පුර පසලොස්වක පොහෝදායි. 

------------------------------------

වප් පුර පසලොස්වක පොහොය

සිංහල මාස ක්‍රමය අනුව වප් මාසය ලෙස හැදින්වෙන්නේ "ඔක්තොම්බර්" මාසයයි. මෙවර වප් පුර පසලොස්වක පොහොය යෙදී ඇත්තේ ඔක්තොම්බර් මස 08 වනදාටයි. මෙම පොහොය දිනයේ වැදගත්කම පහත පරිදී වනවා.

මහාපවාරණය

පුරා මාස 03ක් වස් සමාදන් වී සිටි උපසම්පදා භික්ෂූන් වහන්සේගේ වස් පවාරණය වප් පුර පසලොස්වක පොහොයේදී සිදුවනවා. එය හැදින්වෙන්නේ "මහා පවාරණය" නමින්. උපසම්පදා භික්ෂූන් වහන්සේ වස් සමාදන් වීමද උන්වහන්සේගේ මහා පවාරණයත් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ වැදගත් විනය කර්මයන් වනවා. තවද මහා පවාරණනේ පසු එලැබෙන්නේ චීවර මාසයයි. අට මහා කුසලයෙන් එකක් වන කඨීන චීවර පූජාව එම මාසය තුළ ඉටු කළ යුතු වනවා.

දේවාරෝහණය

තමන් වහන්සේගේ 07 වන වස් සමය තව්තිසා දිව්‍ය ලොකයේ වැඩසිටිමින් මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය සමූහයා වෙත අභිධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවත මනුෂ්‍ය ලෝකයට වැඩම කළේ වප් පුර පසලොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සදහන් වනවා. තව්තිසා දිව්‍ය ලෝකයේ සිට බුදුරජාණන් වහන්සේ මෙලෙස මනුෂ්‍ය ලෝකයට වැඩම කරන ලද්දේ දඹදිව සංකස්ස නුවරින්. බුදුරජාණන් වහන්සේ පිළිගැනීම සදහා එහිදී මහා උත්සවයක් ද සංවිධාන කර තිබුණා. එම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ යමහා මහා පෙළහර පෑ බවත් ඒ දුටු බොහෝ දෙනෙකු මතු බුදු බව ප්‍රාර්ථනා කළ බවත් ශාසන ඉතිහාසයේ සදහන්. මතු බුදු වන මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදී සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබාගැනීමද එහිදී සිදුවූ බව පැවසෙනවා.


සැරයුත් මහ රහතන් වහන්සේට තවත් තනතුරක් 

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක හිමිනමක් වූ සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ පිහිටුවීම ද වප් පුර පසලොස්වක පොහොය දිනයේ තවත් වැදගත් සිදුවීමක්.

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් ශ්‍රී ලංකාවට වැඩමවීම සදහා දූත පිරිසක් දඹදිව බලා පිටව යාම ද අරිට්ඨ මහ රහතන් සහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිසක් විසින් අනුරාධපුරයේදී විනය සංඝායනාවක් පැවැත්වීම ද සිදුවූයේ වප් පුර පසලොස්වක පොහොය දිනයන්හිදීයි.


------------------------------------