ශ්‍රී රහල් පහන් කූඩු ප්‍රදර්ශනය
වෙසක් පුර පසලොස්වක පෙහොය සමරමින් ශ්‍රී රාහුල දහම් පාසල විසින් පහන් කූඩු ප්‍රදර්ශනයක් සංවිධාන කෙරුණා. මේ සදහා පහන් කූඩු ඉදිරිපත් කෙරුණේ මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන නිවාස නියෝජනය කරමින්.
මෙත්තා නිවාසයීය ඉදිරිපත් කිරීමක්
උපේක්ඛා නිවාසයීය ඉදිරිපත් කිරීමක්
--------------------------------------------------------------------------------------------------------
සිරිනිකේතාරාම සති පිරිත් පිංකම
දේවදූත පෙරහැර
--------------------------------------------------------------------------------------------------------
ශ්‍රී රහල් ආශිර්වාද පිංකම
ශ්‍රි රාහුල දහම් විද්‍යලය විසින් සංවිධාන කෙරුණු ආශිර්වාද පිංකම් පෙළක් තෙවල, සිරිනිකේතාරාම විහාරස්ථානයේදී ඉකුත් ඉරිදා (මාර්තු 01) පැවැත් වුණා. ඒ ශ්‍රි රාහුල දහම් විද්‍යලයේ ප්‍රධානාචාර්‍යය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පළපොත සුමනානන්ද හිමයන්ගේ ජන්ම දිනය ද නිමිති කරගනිමින්. තෙලවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ සිට වීථි සංචාරය කෙරුණු ශබ්ධ පූජා සහිත විචිත්‍ර පෙරහැරකින් මෙම පිංකම් පෙළ ආරම්භ වුණා. අටවිසි බුදුවරයන් වහන්සේ උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක්, පහන් 250 ක ආලෝක පූජාවක් සහ නෙළුම් මල් සහිත මල් පූජාවක් සහ බෝධී පූජාවක් ද මීට ඇතුලත් වුණා. වැඩසටහන අවසන් වූයේ සැදැහැවතුන් උදෙසා කෙක් සහ තේ පැන් දන්සලක් ද පවත්වමින්.
පෙරහැර
පෙරහැරින් ගෙනා පූජාවන් තැන්පත් කරමින්
ශබ්ධ පූජා
පහන් පූජා
බෝධි පූජාව සදහා භික්ෂූන් වහන්සේ වැඩම කරති
වන්දනා
දන්සල
--------------------------------------------------------------------------------------------------------
නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන දෙදින කදවුර 2015
ශ්‍රී රාහුල දහම් පාසල විසින් සංවිධාන කරනු ලබන නායකත්ව පුහුණු හා පෞර්ෂ්‍ය සංවර්ධන දෙදින කදවුර මෙවර පැවැත්වුණේ 2014 දෙසැම්බර් මස 26 සහ 27 දෙදිනයි. ශ්‍රි රාහුල දහම් පාසලේ මෙන්ම ගල්කිස්ස තෙලවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සහ සෙසු ශ්‍රේණිවල ජ්‍යෙෂ්ඨ සිසු සසුවියන් ද මේ සදහා සහභාගී වුණා. ප්‍රධාන උපදේශකවරයා වූයේ නීතිවේදී ඩිල්ෂාන් සදකැකුළු මඩවල මහතායි. තෙරුවන් වන්දනාව, භාවනාව, කායික ව්‍යායාම හා නායකත්වය සහ පෞර්ෂ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් වූ දේශන මීට ඇතුලත් වුණා. විනෝදාත්මක ප්‍රායොගික ක්‍රියාකාරකම් ද මෙම කදවුරේ විශේෂත්වයක්.
-------------------------------------------------------------------------------------------------------------------
ඇසල සරණිය - බැතිගී ප්‍රසංගය 2014
ශ්‍රී රාහුල දහම් විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධාන කෙරෙන මෙම බැති ගී ප්‍රසංගය මෙවර පැවැත්වුනේ ඇසල (ජුලි) මස 13 වනදා යි. සෑම ශ්‍රේණියක්ම නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ශ්‍රී රාහුල දහම් විද්‍යාලයිය ආචාර්ය මණ්ඩලයද මෙහිදී බැති ගී ගායනා කළහ. සංගීතය සැපවුයේද ශ්‍රී රාහුල දහම් විද්‍යාලයේම ආචාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි. ප්‍රදේශයේ ප්‍රභුවරුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ මව්පියන් ඇතුලු දහස් සංඛ්‍යාත පිරිසක් ඊට සහභාගී වුහ.
-------------------------------------------------------------------------------------------------------------------