කැමරාවක් සහිත ඩ්‍රෝනා යානයක් අනුරාධපුර රුවන්වැලි සෑයේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් මෙම අනතුරින් සෑ රදුන්ට බැලූ බැල්මට හානියක් සිදු වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.
රුවන්වැලි සෑ රදුන් වෙනුවෙන් ඊයේ (ජන 14) රාති‍්‍ර පැවති කප්රුක් පූජාවක් රූගත කිරීම සඳහා අදාළ ඩ්‍රෝනා යානය යොදාගෙන තිබෙනවා. පූජාව සංවිධාන කළ පිරිස විසින් කුලියට ලබාගත් කැමරා ශිල්පියෙකු දුරස්ථ පාලයක් මගින් එය මෙහෙයවා ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. හදිසියේම පාලනය ඔහුගෙන් ගිලිහී ගොස් ඇති අතර එම අවස්ථාවේ අනතුර සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ රූගත කිරීම සඳහා ඩ්‍රෝනා යානයක් භාවිත කිරීමට කිසිවෙකු විසින් අවසරයක් ලබා ගෙන තිබී නැහැ. එ් අනුව අනතුරට ලක් වූ ඩ්‍රෝනා යානය සහ සෙසු උපකරණද එය මෙහෙය වූ පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා. අනතුරුව එම පුද්ගලයා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ රත්නායක වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත ඔහු මුදාහැරීමටයි. නඩුව ලබන 23 වැනිදා නැවත කැඳවීමටද නියෝග කර තිබෙනවා.