2017/01/08

ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම කඩා දැමේ


ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට කිසියම් පිරිසක් හානි කර තිබෙනවා. ඊයේ (07) සහ අද (08) අළුයම් කාලයේදී සංවිධානාත්මක පිරිසක් විසින් එම බුදු පිළිමවලට හානි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.


උප්පුවේලි වෙල්ගම්වෙහෙර, මොරවැව, පුල්මුඬේ සහ ගෝමරන්කඩවල යන ප‍්‍රදේශවල තිබූ බුදු පිළිමවලට මෙලෙස හානි කර තිබෙනවා. උප්පුවේලි පොලිස් වසමට අයත් වෙල්ගම්වෙහෙර හන්දියේ පිහිටි බුදු පිළිමයට සහ ගෝමරන්කඩවල හිරියාය හන්දියේ පිහිටි බුදු පිළිමයට කළු තෙල් ද වත් කර තිබූ බවයි වාර්තා වන්නේ. පසුව ප‍්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා විසින් එම පිළිම සෝදා පිරිසිදු කර තිබෙනවා. මොරවැව හන්දියේ බුදු පිළීමයේ සිරසට හානි කර ඇති අතර පුල්මුඬේ 14 කණුව ශාන්ති විහාරයට නුදුරින් පිහිටි බුදු පිළිමය කඩා දමා ඇත්තේ දෙවන වරටයි.