බුද්ධ චරිතය හා බැදුණු අතීත භාරතයේ ශාක්‍ය ජනපදයේ අනුරුවක් ඉදිකිරීම සදහා අද (ජන 17) මුල්ගල තැබුණා. ඒ, පිළියන්දල, මඩපාත ප්රදේශයේදීයි. මේ සදහා වෙන්කර ඇති ඉඩම අක්කර 78 ක් පමණ වනවා.
සුද්ධෝදන රජ මාළිගය, සිද්ධාර්ථ කුමරුන් වෙනුවෙන් ඉදිකෙරුණු රම්‍ය, සුරම්‍ය, සුභ යන මාළිගා, සිද්ධාර්ථ උපත සිදුවූ ලූම්බිණිය සහ බුද්ධත්වයට පත් වූ බුද්ධගයාවද ඉදිකෙරෙන මෙම අනුරුවට ඇතුළත්. බෞද්ධ පුස්තකාලයක්, භාවනා මධ්‍යස්ථානයක සහ නිර්මාංශ භෝජනාගාරයක් ද මෙම පරිශ්‍රයේම ඉදිකිරීමට නියමිතව තිබෙනවා. වෙන්කර ඇති මුදල රුපියල් මිලියන පන්සියයක්.
මුල්ගල තැබීම අද සිදු කෙරුණේ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකද මෙම අවස්ථාවට සහභාගිවි සිටියා.
ශාක්‍ය ජනපදයේ මෙම අනුරුව ඉදිකෙරෙන්නේ මෙම වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සැමරුම ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීම නිමිති කර ගනිමින්.