2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිඛෙනවා. http://www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකියි. ප්රකිඵල ලබාගැනීම සදහා දක්වා ඇති ස්ථානයේ නිවැරදි විභාග අංකයම ඇතුළත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිහිකැදවීමක් කළා. විභාග අංකය වැරදි ලෙස සඳහන් කළහොත් නිවැරදි ප්‍රතිඵල ලබාගත නොහැකි බවයි අවධාරනය කෙරුණේ. මේ පිළිබද වැඩිදුර විමසීමක් අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකියි.
2016 උසස් පෙළ විභාගය ඉකුත් අගෝස්තු මස 2 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැවැත්වුණා. ඊට පෙනී සිටි මුළු අයදුම්කරුවන් ගණන තුන් ලක්ෂ පහළොස් දහසකට ආසන්නයි.