2017/01/02

2017 පළමු අධ්‍යයන වාරය 08 දා ඇරඹෙයි

තෙලවල, සිරිනිකේතාරාමස්ථ ශ්‍රී රාහුල දහම් පාසලේ 2017 අධ්‍යයන වාරය ජනවාරි 08 වනදා ආරම්භ වනවා. නිවාඩුව නිමවා සියළු දරු දැරියන් එදින දහම් පාසලට පැමිණිය යුතුයි. 2016 අවසාන වාර පරීක්ෂණයේ ප්‍රතිපල දරු දැරියන් වෙත ලබාදීම සහ ඔවුන් ඉහළ පන්තිවලට උසස් කිරීම ද එදින සිදුකෙරෙනවා.

ශ්‍රී රාහුල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පළපොත සුමනාන්ද හිමියන් පැවසුවේ ජනවාරි 08 වනදා, 2017 වසරේ දහම් පාසල පැවැත්වෙන පළමු දිනයේදී දැරියන් ගුරුවරුන් හා ගුරුවරියන් වන්දනා කිරීම සදහා බුලත් හුරුලක් රැගෙන එන්නේ නම් වඩාත් සුදුසු වන බවයි.