2017 නව වසර පිළගැනීම සහ 2016 වසරට සමුදීම වෙනුවෙන් තෙලවල, සිරිනිකේතාරාම විහාරස්ථානයේදී විශේෂ පිංකම් සිදුකෙරුණා. නව වසර උදා වූ මධ්‍යම රාත්රියේදී අලෝක පූජාවක්, මල් පූජාවක් සහ බෝධි වන්දනාවක් සිදුකෙරුණේ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන්. විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පළපොත සුමනානන්ද හිමියන් ඒ සදහා අනුශාසකත්වය ලබාදුන්නා. මෙම පිංකම්වල අපේක්ෂාව වුණේ 2017 නව වසරේදී ගම්වාසීන්ටත් සියළු රටවාසීන්ටත් අශිර්වාද ප්‍රාර්ථනා කිරීමයි. සිරිනිකේතාරාම විහාරස්ථ ශ්‍රී රාහුල දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් ද ඊට සහභාගී වී සිටියා.