උදා වූ 2017 නව වසර වෙනුවෙන් සියලු ශී‍්‍ර ලාංකිකයන්ට සුභාශිංෂණ පළ කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ඔහු නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන්.
‘‘ සෞභාග්‍යයේත් සහජීවනයේත් සංහිදියාවේත් නැවුම් අපේක්ෂා අප තුළ දල්වමින් 2017 නව වසර එළැඹ තිබේ. තිරසර යුගයක මග සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවෙන් දිළිදුකම තුරන් කිරීමේ අධිෂ්ඨාන පූර්වක හැගීම පෙරදැරිව මිලියන 22 ක ජනතාව නව වසර පිළිබද බලාපොරොත්තු දල්වාගෙන සිටී.
නිසැකවම මේ අභියෝග අප ජයගත යුතුය. අපට එය ජයගැනීම අසීරු නොවේ. මානව සංහතියේ පරිණාමය සිදුවූයේම අභියෝග හමුවේ නොසැලී ස්වකීය ධෛර්ය පරම විශ්වාසය බවට පත්කරගත් මිනිසුන් නිසාය.
අපගේ අධිෂ්ඨානයන් පරිපූර්ණ කරගත හැක්කේ අප පූර්ණ ලෙස පොදු යහපත වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව කාලය කළමණාකරණය කරගනිමින් නිවැරදි දේ නිවැරදිව ඉටුකිරීමේ වගකීමකට අනුගත වීමෙනි. එළැබෙන හෙට දවසේ අපට මුහුණ දෙන්නට සිදුවන සොබාදහමේ අහිතකර සංචලනයන් අප තේරුම් ගත යුතුය. පරිසරය කෙරෙහි අප ඉතා දැඩිව සංවේදී විය යුතු බව කාළගුණික සාධක අපට බලකර කියා සිටී.
අභියෝග ජයගනිම්න් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා එළැබි නව වසරේදී ඉත සිතින් කැප වෙමු.