2017/01/01

2017 නව වසර උදාවෙයි

2017 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදවුණා. ලෝක වේලා සැලැස්මට අනුව නව වසර මුලින්ම උදා වූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරටයි. 
මෙවර නව වසර උදාවේ විශේෂත්වයක් වූයේ නව වසර උදවීම තත්පරයක් වීමයි. ඊයේ මධ්‍යම රාත්‍රියේදී ලොව පුරා ඔරලෝසු තත්පරයක් ආපසු කරකැවීම සිදුකෙරුණා. එහි අරමුණ වුණේ පෘතුවි භ්‍රමණය ක්‍රමයෙන් මන්දගාමී වීම නිසා සිදුවන වෙනසට ගැලපෙන පරීදී වේලාව නිවැරදි කිරීමයි. ඒ අනුව 2016 වසර තත්පරයක් දීර්ඝ වුණා. 2017 තත්පරයක් කෙටි වනවා.
උදාවූ මෙම නව වසරේදී සිත්වල ඇති යහපත් බලාපොරොත්තු ඉටුවේවා ! තෙරුවන් සරණ ලැබේවා ! යන්න ශ්‍රී රාහුල දහම් පාසලේ ප්‍රාර්ථනයයි.