ශ්‍රී රාහුල දහම් පාසල විසින් සංවිධාන කෙරෙනු " අපේ බක් මහා උළෙල " ඉකුත් 09 වනදා ඉතා සාර්ථකව පැවැත්වුණා. ඒ තෙලවල, සිරි නිකේතාරාම විහාරයේ ඉදිකෙරෙනු "රාහුලගම" පරිශ්‍රයේදීයි. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා යන නිවාස විසින් වෙන වෙනම ගැමි ගෙවල් ඉදිකර තිබුණා. ඔවුන් අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකළේ එම ගැමි ගෙවල් වලදීයි.
කනා මුට්ටිය බිදීම, බැලුම් පිපිරවීම, ඉදිකට්ටට නූල දැමීම, බැලුම් ඇල්ලීම, බනිස් කෑම, ජන ගායනා, ජන නැටුම්, ශ්‍රී රහල් අවුරුදු කුමරා, ශ්‍රී රහල් අවුරුදු කුමරිය, සැගවුණු අමුත්තා සෙවීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම හා සංගීත පුටු තරගය වැනි තරග ඉසව් ගණනාවක් ද පැවැත් වුණා.
Posted in: