69 වන ජාතික නිදහස් දිනය සමරමින් තෙලවල, සිරි නිකේතාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී රාහුල දහම් පාසල ද කෙටි නමුත් අභීමානවත් උත්සවයක් පැවැත්වුවා. මෙම උත්සවය පැවැත්වුණේ ඉකුත් 05 වනදායි. ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය සුමනානන්ද හිමියන් සහ නියෝජ්‍ය ප්‍රධානාචාර්යවරුන් වන ඩිල්ෂාන් සදකැකුළු මඩවල හා අමිල සංජය යන මහත්වරුන් විසින් ජාතික ධජය, බෞද්ධ ධජය හා දහම් පාසල් ධජය ඔසවනු ලැබුවා. ගුරු දෙසුම පවත්වනු ලැබුවේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ඩිල්ෂාන් සදකැකුළු මඩවල මහතා විසින්. සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කෙරුණු ජාතිකාභිමානී ගීත, කාව්‍ය ගායනා සහ කථා ද මෙම උත්සවයට ඇතුලත් වුණා.